ජිනීවා නොයන ශ්‍රී ලංකා හමුදාවේ තවත් කතාවක්! යුද හමුදාවෙන් යාපනේ වැසියන්ට නිවාස 700ක්!

December 17, 2019 at 10:11 pm | by emanisa.lk

කොටි ත්‍රස්තවාදය නිමා කිරීමෙන් පසු ශ්‍රී ලංකා යුද හමුදාව උතුරේ අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ පසුගිය වසර කිහිපය තුළ යාපනේ දිස්ත්‍රික්කයේ ජනතාවට නිවාස 700ක් ඉදිකර දීමට කටයුතු කර තිබේ.

පෞද්ගලික දානපතියන්ගේ මූල්‍යාධාර සහ යුද හමුදාවේ ශ්‍රම දායකත්වය යටතේ ඉදිවන මෙම නිවාස ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ජනතාවට බෙදා දුන්නේ ඔවුන්ගේ ආගම හෝ ජාතිය නොසලකමිනි.

එම නිවාස ව්‍යාපෘතියේ තවත් නිවාස දෙකක් අද (17) ජනතා අයිතියට පත්වූයේ යාපනේ ආඥාපති මේජර් ජනරාල් රුවන් වනිගසූරියගේ ප්‍රධානත්වයෙනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස