කොළඹ ජාතික රෝහලේ මුදල් අයකැමි භාරයේ තිබූ මුදල් පෙට්ටිය පැහැර ගැනීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු පොලිසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරු පිස්තෝලයක් පෙන්වා එහි සිටි පිරිස බිය ගන්වා, මුදල් පෙට්ටිය රැගෙන පළා යන අවස්ථාවේදී පොලිස් නිලධාරිනියක් සහ බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු විසින් අදාළ සැකකරු අල්ලාගෙන ඇති බව පොලිසිය පැවසයි.
එම මුදල් පෙට්ටිය තුළ රෝහල් සේවකයින්ගේ අතිකාල දීමනා ගෙවීමට ගෙන ආ රුපියල් හැත්තෑ නවලක්ෂයකට අධික මුදලක් තිබූ බව ද වාර්තා වෙයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු බවත්, අදාළ අවස්ථාවේ ඔහු බීමතින් සිට ඇති බවත් අනාවරණ විය.
සැකකරු අත තිබී ඇත්තේ ව්‍යාජ පිස්තෝලයක් බව ද පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ. මෙහිදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත්තේ රාජකාරි කටයුත්තක් සඳහා කොළඹ පැමිණි මාතර කොට්ඨාශයේ කාන්තා හා ළමා කාර්යංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තය.
ඇය සිය පෞද්ගලික රථයෙන් මරදානේ පොලිස් මූලස්ථානය වෙත යමින් සිටින අතර පිස්තෝලයක් අතින් ගත් ගෙන දිව යන මංකොල්ලකරු දැක ඔහු ලුහුබැඳ ගොස් තිබේ.