ශ්‍රී ලංකාවේ ජාතික කොඩියෙහි සිටින්නේ බලු සිංහයෙකු බවත් ඊට එකතු කළ යුත්තේ හිකනලෙකු බවත් මාධ්‍යවේදී නන්දන වීරරත්න පවසයි.
කුමාර් සංගක්කාරට විදෙස් ගුවන් සේවාවකදී මුහුණපෑමට සිදුවූ සිදුවීමක් පිළිබඳ සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් ඔහු මේ බව කියා තිබේ.
“උඹලගේ වගේ පාස් පොර්ටු තියෙන එවුන් මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න ඕන”
“You people with these kinds of passports should expect this”
(සංඝක්කාර බීබීසී සිංහල සේවයට කියයි)
මේ තමයි මහගම සේකර ලියූ, අමරදේව සංගීතවත් කර නන්දා මාලනිය ගයන, මේ සිංහල අපගෙ රටයි අප ඉපදෙන මැරෙන රටයි’ දූපතේ බලු සිංහයා සිටින පාස් පොට්ටුවට අයර්ලන්තය වගේ හිඟන රටකදි පවා ලැබෙන සැලකිල්ල. අර එකෙක් කියනව වගේ අපි මේ අවමානයෙන් බේරෙන්න ද්විත්ව පුරවැසියන් විය යුතු ද? නැතිනම් අපේ රටේ මේ කළකණ්නි ඉරණම වෙනස් කළ යුතු ද? ලොවක් දන්නා සංගක්කාරට මෙසේ නම් උඹලාගේ ඉරණම කෙබඳු ද?
මගේ පෝස්ටුවට වැටෙන කොමෙන්ටු බැලුවාම “පියුමි හංසමාලීගේ සුදු වෙන ක්‍රීම්වලට” මේ හැටි මාරකැට්ටුවක් තීන්නේ ඇයි කියල තේරුම් යනව. මුන් වෙනස් කරන්න පෝස් කොලොනියල් තියරිය (Postcolonial theory)ඉස්කෝලවලදීම උගන්වන්න ඕන.
අනික මේකේ වැලපෙන හරක් ඊ විසා එක අඳුරන්නේ නෑ. බිරිතානීන්ගේ ඊ විසා කියන්නේ ලියවිල්ලක් නෙවෙයි. යුනික් අංකයක්. ඒ අංකය තවමත් ගුවන් සමාගම්වල මෝඩ කම්කාරියන්ට පද්ධතියෙන් සොයා ගන්න බෑ. සංගා මූණ දෙන්නේ මේ ගැටළුවට. මේ ඊ විසාව හඳුන්වා දී තමත් වසරක කාලයක් පමණයි.
(මොනවා වුණත් මම කුමාර සංගක්කාරට අතිශයින්ම ගෞරව කරනව තවමත් මේ බලු සිංහය ඉන්න පාස් පෝර්ටුවක් අරන් අපහාස විදිමින් ලොව පුරා ඇවිදීම ගැන. ඇත්තටම ඔය ජාතික කොඩියේ ඉන්න ඕන සිංහයෙක් නෙවෙයි, හිකනලෙක් වගේ සතෙක්)