සිය පුතා ජාතික කොඩියේ සිංහයා කඩුව අතැතිව සිටින ආකාරය ඇඳීමට අකමැති වූ බව අරගල ක්රියාකාරිනී, නිළි නදී කම්මැල්ලවීර පවසයි. ඔහු ජාතික කොඩිය ඇන්දේ කඩුව පාගාගෙන සිටින සිංහයෙකු සහිතව බව ද ඇය හෙළි කළාය.
කසුන් කල්හාරගේ හිටපු බිරිඳ වන නදී කම්මැල්ලවීර පෙන්වා දෙන්නේ, සිංහයෙකුට කඩුවක් අතින් ගෙන කකුල් තුනකින් සිටීමට නොහැකි බව ප්රකාශ කරමින් සිය පුතා ඒය ඇඳීම ප්රතික්ෂේප කළ බවයි.
මේ සිදුවීම නිසා සිය පුතුට අදාළ පැවරුම සඳහා ලකුණු නොලැබුණු බව ද නදී කම්මැල්ලවීර වැඩි දුරටත් ප්රකාශ කරයි.