උතුරට ගොස් රු. ලක්ෂ 110ක් වැයකර තෛපොංගල් උත්සවය සැමරූ, අරලියගහ මන්දිරයේදී ඉෆ්තාර් උත්සවය සැමරූ ආණ්ඩුව සිංහල අලුත් අවුරුද්ද සැමරීමට මැලිවන්නේ එය ජාතිවාදයක් ලෙස සලකන නිසා බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
එක්තරා අවස්ථාවක උත්සව අවස්ථාවල පක්ෂයේ රතු කොඩිය සමග ජාතික ධජය එසවීමට එවක නායක සෝමවංශ අමරසිංහ යෝජනා කළ අවස්ථාවේ ටිල්වින්, අනුර කණ්ඩායම එකතු වී එය පරාජය කළ බවද ඔහු පෙන්වා දෙයි.
මුදල් වැය වන නිසා හෝ වෙනයම් හේතුවක් නිසා ආණ්ඩුව මෙරට ප්‍රධාන ජාතියේ සංස්කෘතික උත්සවය සමරන්නේ නැත්නම් එය තක්කඩි අසංස්කෘතික රටේ සභ්‍යත්වයට ගරු නොකරන කාලකන්නි ක්‍රියාවක් බවද විමල් වීරවංශ අවධාරණය කරයි.
ඔහු මේ බව කීවේ ඊයේ (20) හිරු සලකුණ වැඩසටහනට එකතු වෙමිනි.