ජාතික ආරක්ෂාව නෙමෙයි වැදගත් මන්ත්‍රී වරප්‍රසාදයි…! රිෂාඩ් පාර්ලිමේන්තු ගෙන ආ යුතුයි…! – ෆොන්සේකා…

May 7, 2021 at 7:55 am | by emanisa.lk

රිෂාඩ් බදියුදීන් යනු මහජන නියෝජිතයෙකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

ජනතා නියෝජිතයා කවර පක්ෂයක් නියෝජනය කළ ද ඔහුට විශාල ගෞරවයක් ඇතැයි මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මහජන නියෝජිතයෙකු අත්අඩංගුවට ගෙන පාර්ලිමේන්තුවට නොගෙන සිටින්නේ නම් ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි වන්නේ එය සාධාරණ නැතැයි ද ඔහු පෙන්වා දෙයි.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ප්‍රකාශ පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරමින් රිෂාඩ් බදියුදීන් ප්‍රකාශ කළ හැකි නිසා ඔහු පාර්ලිමේන්තුවට ගෙන නො ඒමට කටයුතු කරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර කතානායකවරයාගෙන් කළ ඉල්ලීම පිළිබඳ අදහස් දක්වමින් සරත් ෆොන්සේකා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *