ජාජබ පෙළපාළිය නීති විරෝධියි…! පොලිසිය බලය පාවිච්චි කළේ ඒකයි…!

February 27, 2023 at 7:59 pm | by emanisa.lk

මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක පෙළපාලි යාම සම්පුර්ණයෙන්ම තහනම් බවත්, ජාතික ජනබලවේගයේ පෙළාපාලිය පොලිස් නවතා දැමුව ද ඔවුන් පැවැත් වු ජනහමුවට කිසිදු බාධායක් සිදු නොකළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පවසයි.

අවසර ලබාගෙන සාමකාමීව පවත්වන උද්ඝෝණවලට පොලිසිය කිසිදු බාධාවක් සිදු නොකරන බවත්, මාර්ග පෙළපාලි යාමට අවසර හිමි නොවන බව ද හෙතෙම අවධාරණය කළේය. මීට දින කිහියකට පෙර හයිඩ් පිටියේ වෘත්තිය සමිති කිහිපයක් පැවත් වු රැස්වීමට පොලිසිය කිසිදු බාධායක් සිදු නොකළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ඕනෑම පක්ෂයකට ජනහමු පැවැත්වීමට, රැස්වීම් පැවැත්වීමට හැකියාව ඇති බවත් හෙතෙම කීය. ජාතික ජන බලවේගය සමාජිකයන් විහාර මහාදේවි උද්‍යානය හා ඒ අවට රැඳී සිටීමට හා ලිෆ්ටන් වටරවුමේ රැස්වීම් පැවැත්වීමට පොලිසිට කිසිදු බාධායක් සිදු නොකළ බවත්, මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර කරමින් පෙළපාලි නොයන ලෙසට පොලිසිය ඔවුන්ට දැනුම් දී එම පෙළපාලිය නැවැත්වීමට කටයුතු කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටක් කීය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *