ජ්‍යෙෂ්ඨයන් පිරිසකට ඇමති ධුර නෑ! තරුණ මන්ත්‍රීවරු 14කට ඇමති වගකීම්!

August 12, 2020 at 2:31 pm | by emanisa.lk

නව රජයේ කැබිනට් අමාත්‍යවරු 26 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරු 39 දෙනෙකු අද (12) මහනුවර මඟුල් මඩුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්හ.

කෙසේ වුවද පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලාභියා වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසිදු ඇමති ධුරයක දිවුරුම් දුන්නේ නැත.

එමෙන්ම පසුගිය සෑම ආණ්ඩුවකම පාහේ ඇමති ධූර දැරූ සුසිල් ප්‍රේම්ජයන්ත්, එස්.බී. දිසානායක, අනුර ප්‍රියදර්ශන යාපා, රංජිත් සියඹලාපිටිය, විජයදාස රාජපක්ෂ, මහින්ද සමරසිංහ, ජෝන් සෙනෙවිරත්නට ද අද ඇමති ධූර හිමි වූයේ නැත.

මේ අතර නව පරපුරට විශාල වගකීම් ප්‍රමාණයක් පැවරූ අතර ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරු 11 දෙනෙකු හා කැබිනට් අමාත්‍යවරු තිදෙනෙකුද අද දිවුරුම් දුන්හ. වියත්මග නියෝජනය කරමින් තරඟ වැදුණු හතර දෙනෙකුට ද ඇමති ධුර හිමි විය.

එස්.බී. දිසානායක ඇතුළු පිරිසක් දිස්ත්‍රික් සම්බන්ධීකාරක කමිටු සභාපති ධුරවලට ද පත් කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස