ජනතා විමුක්ති පෙරමුණ සිය ඇවන්ගාර්ඩ් ව්‍යාපාරය විනාශ කිරීමට කටයුතු කළ ද ඔවුන්ගේ පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ බිරිඳ සහ දරුවන් රැකබලා ගත්තේ ද තමා විසින් බව නිශ්ශංක සේනාධිපති පවසයි.
රෝහණ විජේවීරගේ බිරිඳ සහ දරුවන්ට නිවසක් ලබාදුන් තමා එම දරුවන්ට විදෙස් රටවල විශ්වවිද්‍යාලවල ඉගනීම සඳහා රු. ලක්ෂ 70-80 ලබා දුන් බව ද හෙළිදරව් කළේය.
හිරු සලකුණ වැඩසටහනට එකතු වෙමින් ඔහු මේ බව අනාවරණය කළේය.