ජවිපෙ පවතින තුරු මේ රට දියුණු කරන්න බෑ..! – රංගෙබණ්ඩාර…

October 17, 2023 at 2:26 pm | by emanisa.lk

ලෝකයේ රටවල් දියුණු වන්නේ ආර්ථිකය ශක්තිමත් වන්නේ නීතිය ක්‍රියාත්මක වන්නේ ද ඒ රටවල ජනතා විමුක්ති පෙරමුණක් නොමැති නිසා බව එජාප මහ ලේකම් පාලිත රංගෙබණ්ඩාර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ජවිපෙ පවතින තුරු මේ රට ගොඩගත නොහැකි බවයි.

පුහු කතා සාප්පුකාරයින් වන ජවිපෙ හැමදාම කළේ සිරිමා බණ්ඩාරනායකගේ සිට ම ජනතාව පත් කළ නායකයින්ට පහර දීම පමණක් බව ද හෙතෙම කීය.

ජවිපෙ යනු වේදිකාවල කියන කිසිවක් කළ හැකි පිරිසක් නොවන බව ද කලක් ඇමැති ධූර දැරුව ද කලක් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ බලය ලබා දුන්න ද කළ කිසිවක් නැතැයි ද රංගෙබණ්ඩාර සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *