ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ තරුණ සංවිධානයක් ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් කඩාපැන ඇතැයි සුනන්ද දේශප්‍රිය පවසයි.
ඔහු සඳහන් කරන්නේ, එය කදිම සංදර්ශනයක් බවයි.
කෙසේ වුව ද ජවිපෙ සිය දෙවන නිජබිම ලෙස සලකන කියුබාවේ මෙවැනි බලහත්කාරකමක් කළේ නම් සියලු දෙනා අත්අඩංගුවට ගෙන අවු. 6-30 දක්වා කාලයක් සිරගත කරන බවයි, සුනන්ද දේශප්‍රිය අවධාරණය කළේ.
සුනන්ද දේශප්‍රිය 1971 ජනතා විමුක්ති පෙරමුණු කැරැල්ලෙහි නායකයෙකු වන අතර මේ වන විට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ජීවත් වෙයි.