පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ජනාධිපතිවරයා කළ කුමන්ත්‍රණයට එරෙහිව ජාතික ජනබලවේගය අද (26) කොළඹ දී දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බවත් එම පක්‍ෂය කියයි.
අද (26 දා) සවස 3.00ට එම උද්ඝෝෂණය පැවැත්වෙන අතර ඒ සඳහා විශාල ජනතාවක් එක් වීමට නියමිත බව ද එම පක්‍ෂය කියයි.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් අද කොළඹ දී පවත්වන විරෝධතා පෙළපාලිය කොල්ලුපිටිය, කොළඹ කොටුව ඇතුළු කොළඹ නගරයේ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.
පොලිසිය විසින් කළ ඉල්ලීමකට අනුව මෙම වාරණ නියෝගය නිකුත් කර තිබේ. ඒ අනුව විරෝධතාකරුවන්ට ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යංශය සහ ගාලු මුවදොර වෙත යන මාර්ගවලට ඇතුළුවීමට අවසර නොලැබේ.