ජනතා විමුක්ති පෙරමුණ විසින් ජරා දේශපාලනය සඳහා තමන්ගේ පින්තූරයක් ද අවභාවිත කළ බවට භාග්‍යා අබේරත්න චෝදනා කරයි.
දේවානි ජයතිලකට මුහුණ පෑමට සිදු වූ අත්දැකීමට තමන්ට ද මුහුණ පෑමට සිදු වූ බව පවසන භාග්‍යා මිනිසුන් මේ තරම් පහත් මට්ටමට වැටුණේ කෙසේ දැයි ප්‍රශ්න කරයි.
තමන් තුළ පරිසරය පිළිබඳ පවතින ඇල්ම පහත් දේශපාලනයට සම්බන්ධ කර නොගන්නා ලෙස ද ඇය ඉල්ලා සිටියි.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් භාග්‍යා අබේරත්න මේ බව පවසා තිබේ.