ජවිපෙ ආණ්ඩුවක් හදල වි⁣දෙස් ණය, විදෙස් ආධාර, විදෙස් ආයෝජන ගෙනැත් රට හදනවා…!

March 19, 2022 at 7:10 pm | by emanisa.lk

තම ආණ්ඩුවක් බිහි කළ සැණින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලෝකය තුළ පවතින චිත්‍රය වෙනස්වන බැවින් ජාත්‍යන්තර සහයෝගය දිනාගැනීමට සහ ඇමරිකානු ඩොලර් ආදායම් ලබා ගැනීමට හැකි වන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පවසයි.

“දැන් අපි මුහුණ දීලා තියෙන මේ බරපතළ ආර්ථික අර්බුදයේ ප්‍රධාන කොටසක් තමයි ඩොලර් අර්බුදය. එතකොට ඩොලර් අර්බුදයට විසඳුම් හොයාගන්න වෙන්නෙ ලෝකයත් එක්ක ගමන් කරලා.

ඒකෙදි මේ පුද්ගලිකව අපට කොච්චර ජාත්‍යන්තර සම්බන්ධකම් තියෙනවා ද, අපි අහවල් රටේ කොච්චර ජනාධිපති, අගමැතිවරු අඳුනනවා ද කියන එක එතරම් වැදගත් නෑ.

අපි ශ්‍රී ලංකාව කියන රාජ්‍යය හැටියට ලෝකයට ඉදිරිපත් වෙන ආකාරයට අනුව තමයි ලෝකය අපිත් එක්ක ගනුදෙනු කරන්නෙ. සැලැස්මක් සහිතව රට හදන අදූෂිත ආණ්ඩුවක් බලයට පත්වෙනවා කියන්නෙම ලෝකය අපි ගැන දැන් බලන චිත්‍රය වෙනස් කරනවා.

එතකොට අපිට ලෝකයත් එක්ක ඉදිරියට ගමනක් තියෙනවා. අපට ණය, ආධාර, විදේශ ආයෝජකයින් සම්බන්ධයෙන් බලාපොරොත්තු තියන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ රටෙන් ගිහිල්ලා විදෙස්ගතව වැඩකරන ශ්‍රී ලාංකිකයින් එවන ආදායම සාමාන්‍යයෙන් මොන ආණ්ඩුව තිබුණත් මොන ප්‍රශ්නෙ තිබුණත් අවුරුද්දකට ඩොලර් මිලියන 7000ක් ඒ අය එව්වා. නමුත් ගතවෙච්ච මාස 9 විතරක් ඩොලර් මිලියන 3000ක් විතර ඔවුන් ලංකාවට එවලා නෑ. ඒ කියන්නෙ ඔවුන්ට ලංකාව ගැන විශ්වාසයක් නෑ.

අපි ආණ්ඩුවක් එනවා කියන්නෙම ශ්‍රී ලංකාව කියන රාජ්‍යය රී බ්‍රෑන්ඩ් වෙනවා කියන එක. ඒකත් එක්ක අපට මේ ආර්ථික ගමන යන්න පුළුවන්. දුෂ්කරයි, නමුත් විශ්වාසයක් තියෙනවා, මේක ගොඩගන්න පුළුවන්”

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මේ බව පැවසුවේ ගුවන්විදුලි නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස