කොරෝනා වසංගතය සමඟ ගත වූ කාලයේ දී අනුර දිසානායක ජනාධිපති වී ඇතැයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කරයි.
අනුර දිසානායකගේ ආණ්ඩුවේ ඇමති මණ්ඩලය පත් කර ඇතැයි ද කී ඔහු ලාල්කාන්ත කෘෂිකර්ම ඇමැතිවරයා ලෙසත් විජිත හේරත් සංස්කෘතික ඇමැතිවරයා ලෙස පත් කර ඇතැයි සඳහන් කළේය.
‘ජෙප්පො හිතන්නෙ ඒ අයට ආණ්ඩු හදන්න පුළුවන් කියලා. ඒව හදේ’ යයිද ඔහු පැවසීය.
ඇමැතිවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පොල කාන්තා ආසන බල මණ්ඩල පිහිටු වීමේ අවස්ථාවට එක්වෙමිනි.