ජලනිගේ සැලෝන් එකට ආරක්ෂකයින් 19ක් රජයෙන්…! වියදම ලක්ෂ 400යි…!

December 3, 2022 at 6:32 am | by emanisa.lk

පසුගිය යහපාලන රජය සමයේ සජිත් ප්‍රේමදාස සිය අමාත්‍යාංශයට අනුයුක්ත ආරක්ෂක අංශ නිලධාරීන් දහනව දෙනෙකු ඔහුගේ බිරිඳගේ රූපලාවන්‍යාගාරයේ සේවය සඳහා යොදවා තිබූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුඹුර සඳහන් කරයි.

එමගින් රටට ලක්ෂ 400 ක අලාභයක් සිදුවී ඇති බව අභ්‍යන්තර විගණන වාර්තාවෙන් ද හෙළි වී ඇතැයිද හෙතෙම පැවසීය.

එම රූපලාවන්‍යාගාරය රජයට ගෙවිය යුතු බදු පවා ගෙවා නැති බවට ද ඔහු චෝදනා කළේය.

අයවැය කාරක සභා විවාදයේ දී පාර්ලිමේන්තු අමතමින් හෙතෙම මෙම අදහස් පල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *