ජමාතේ ඊ ඉස්ලාම් සංවිධානයේ හිටපු ප්‍රධානී රෂිඩ් අක්බාර් ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් අද (13) දිනයේ දී අත් අඩංගුවට ගෙන තිබේ.
මෙරට තුළ වහබ්වාදය ප්‍රචාරය කිරීමේ චෝදනා මත ඔහු අත් අඩංගුවට ගෙන තිබේ.
මිට පෙර ද යහපාලන ආණ්ඩුව යටතේ රෂීඩ් අක්බාර් අත් අඩංගුවට ගෙන නිදහස් කර තිබිණි.
ජමාතේ ඊ ඉස්ලාම් සංවිධානය අන්තවාදී වහාබ්වාදය ව්‍යප්ත කරන බවත් එම සංවිධානය තහනම් කළ යුතු බවටත් පාස්කු ප්‍රහාරය පිලිබද ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇත.
මෙකී ජමාතේ ඊ ඉස්ලාම් සංවිධානය ජාතික ජන බලවේගය හා එක්ව අනුර කුමාර දිසානායකට පහුගිය ජනාධිපතිවරණයේ දී සහාය ලබා දුන්නේ ය.
පාස්කු ප්‍රහාරය එල්ල කරමින් මරාගෙන මැරුණු, පාස්කු ප්‍රහාරය සඳහා මිලියන 500ක් වියදම් කළ ඊබ්‍රාහිම් සහෝදරයින්ගේ පියා ද 2020 මහා මැතිවරණයේ දී ජවිපෙ ජාතික ලැයිස්තුව නියෝජනය කළේ ය.