ජන වරමක් නැති ආණ්ඩුව එක්ක අපට ගනුදෙනුවක් නෑ…! – සජබ මහ ලේකම්…

April 9, 2023 at 1:18 pm | by emanisa.lk

විපක්ෂයේ සුළු පක්ෂ නායකයන් රවටා ඔවුන් මාර්ගයෙන් සමගි ජන බලවේගයට සමගි සන්ධාන යෝජනා එවීම නිෂ්ඵල කරුණක් බව සජබ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර පවසයි.

සුළු පක්ෂ නායකයන් කිහිප දෙනකු සජබ වෙත ගෙන එන ලද යෝජනා මගින් වත්මන් ආණ්ඩුවට සහාය දිය යුතු බවට අදහස් පළ කර ඇති නමුත් සජබ ඒ සම්බන්ධයෙන් උනන්දු නොවන බවද හෙතෙම සඳහන් කළේය.

ආණ්ඩුවට රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයට යමක් දැන්විය යුතු නම් ඒ බව ඍජුවම ප්‍රකාශ කළ යුතු බවයි, මහලේකම්වරයා අවධාරණය කළේ.

ඒ කවර තත්ත්වයක් යටතේ වුවත් ජනවරමක් නොමැති ආණ්ඩුවක් සමඟ ගනුදෙනුවක් තම පක්ෂයට නැතැයිද ඔහු වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *