රනිල් ජනාධිපතිතුමාගේ කකුල් දෙක අල්ලලා වඳින්න ලේස්තියි..! – සජබ මන්ත්‍රී…

December 7, 2022 at 12:36 pm | by emanisa.lk

ධීවරයන්ට අවශ්‍ය ඉන්ධන හා භූමිතෙල් සහනාධාරය ලබා දුන්නොත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කකුල් දෙක අල්ලා වඳින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි පවසයි.

ඊයේ (06) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව පැවසීය.

වත්මන් ඉන්ධන ප්‍රශ්නය නිසා ධීවර කර්මාන්තය ශීඝ්‍ර ලෙස කඩා වැටී ඇතැයි කී දිලිප් වෙදආරච්චි, පිටරටවල අයට මෙරට මත්ස්‍ය සම්පත කොල්ලකෑමට අමාත්‍යාංශ නිලධාරීන් හා නායකයන් ඉඩ දී ඇති බවට ද චෝදනා කළේය.

ධීවර අමාත්‍යාංශයේ ආයතන බිස්නස් කරන තැන් බවට ඇතැමුන් පත්කර ගෙන ඇතැයි ද සඳහන් කළ මන්ත්‍රීවරයා, ඉන්ධන ගැටලුව නිසා බහුදින යාත්‍රා 50%ක් පමණ මුහුදු යාම නවතා ඇතැයි ද ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *