වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ ලක්ෂ 5කට අධික පිරිසකට රැකියා අහිමි වී ජනතාව දැඩි ජීවන බරකින් හෙම්බවත්ව ඇතැයි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, වැඩ කරන ජනතාව ඇතුළු සියලු දෙනාට ජීවත්විය හැකි ආකාරයට යම් වැටුප් වැඩි වීමක් සහ සහන ලබා දෙන ලෙස මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවයි.
එම තොරතුරු දැන ගැනීමත් සමග ඇතැම් දේශපාලන පක්ෂ 50-60ක හෝ පිරිසක් යොදවා සුළු සුළු විරෝධතා පවත්වමින් ඇතැයි ද සමන් රත්නප්‍රිය සඳහන් කරයි.
ඔවුන්ගේ අරමුණ ආණ්ඩුව අනාගතයේ යම් සහනයක් ලබා දෙන්නේ තමන්ගේ බලපෑම් නිසා යැයි ජනතාවට ප්‍රකාශ කොට දේශපාලන වාසි ලැබීම බව ද ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ, මාධ්‍ය හමුවක් කැඳවමිනි.