ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අගෝස්තු 12 වනදා ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේ සම්පූර්ණ සංස්කරණය නොකළ වීඩියෝ පටිගත කිරීම ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් ඉල්ලීමක් කර තිබේ.
අගෝස්තු 14 වනදා යොමු කළ ලිපියකින් නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ මේ වන විට එම සාකච්ඡාවේ ආරම්භක කොටසක් පමණක් තමන් වෙත ලැබී ඇති බවත්, ඇතැම් කොටස්වල ශබ්දයද පැහැදිලි නොමැති බවත්ය.
ඒ අනුව සාකච්ඡාව පුරා සිදුවූ සියලු මැදිහත්වීම්, නිරීක්ෂණ, ප්‍රතිචාර මෙන්ම නීතිඥ සංගමයේ නියෝජිත පිරිසේ අවසන් අදහස් ද ඇතුළත් සම්පූර්ණ වීඩියෝ පටය හැකි හොඳම ශව්‍ය සහ දෘෂ්‍ය තත්ත්වයෙන් ලබාදෙන ලෙස එම සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා ඇත.
එමෙන්ම හැකි හොඳම ශ්‍රව්‍ය සහ දෘෂ්‍ය තත්ත්වයෙන් අදාළ වීඩියෝව ලබාදෙන ලෙසද නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබේ.