ජනාධිපති කිව්වට කම්කරුවෙකුට 1700ක් දෙන්න බෑ…! – වතු හාම්පුතුන්ගේ සංගමය…

May 2, 2024 at 9:10 am | by emanisa.lk

තේ කිලෝග්‍රෑමයක් නිෂ්පාදනය කිරීම සඳහා වැය වන අධික පිරිවැය හමුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීම කළ නොහැක්කක් බව වතු හාම්පුතුන්ගේ සංගමය පවසයි.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප අප්‍රේල් 30 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 1700ක් දක්වා ඉහළ දැමූ බවට ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇත්තේ ෙතේ වතු සමාගම් සමග කිසිදු සාකච්ඡාවකින් තොරව බැවින් එම ගැසට් පත්‍රය බලරහිත කිරීම සඳහා වතු සමාගම් අධිකරණය හමුවට යාමට තීරණය කර ඇති බවයි, එම සංගමයේ ඉහළ නිලධාරියෙකු ප්‍රකාශ කළේ.

එමෙන්ම, මේ පිළිබඳව වතු සමාගම්වල ඉහළ නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් අද (02) කොළඹදී පැවැත්වීමට නියමිත බවත් ඉන් අනතුරුව නීතිමය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *