ජනාධිපතිවරයා ඉවත් විය යුතුයි..! – කතෝලික සභාව….

April 15, 2022 at 10:48 am | by emanisa.lk

ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බල කරමින් ගාලු මුවදොර දී පැවැත්වෙන විරෝධතාවට කතෝලික සභාව සහයෝගය දක්වන බවත් ජනාධිපතිවරයා ඉවත් විය යුතුය යන ස්ථාවරයේ කතෝලික සභාව ද සිටින බවත් එහි මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි.

කතෝලික සභාව ද එම විරෝධතාව ක්‍රියාත්මක කරන පිරිස සමග පසෙකින් සිටින බවත් විරෝධතාව තුළ ආගමික කටයුතු කිරීමේ කිසිදු සූදානමක් නොමැති බවත් හෙතෙම කීය.

පාස්කු ඉරුදින ආගමික වැඩසටහන් ගාලු මුවදොර විරෝධතාව පැවැත්වෙන ස්ථානයේ පැවැත්වීමේ සූදානමක් ඇති බවට සමාජ මාධ්‍ය ජාලාවල පළවුව ද කතෝලික සභාව තුළ එවැනි කිසිදු සූදානමක් නොමැති බව ද පියතුමා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *