ජනාධිපතිවරයාගේ පරිසර හිතකාමී සංවර්ධන වැඩපිළිවෙළ අගය කරනවා…! – එක්සත් ජාතීන්ගේ සංවිධානය..

November 26, 2021 at 10:59 am | by emanisa.lk

එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑම විට ම ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරන්නේ යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු, සාමය ගොඩනැගීම සහ සාම මෙහෙයුම් පිළිබඳ සහකාර මහ ලේකම් කලීඩ් කියාරි පවසයි.

ජනාධිපතිවරයා පරිසරය කෙරෙහි දක්වන ඇල්ම හා උනන්දුව මෙන්ම සහශ්‍ර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ දී ශ්‍රී ලංකාවේ කැපවීම අගය කරන බව කී සහකාර මහ ලේකම්වරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ ඇල්මකින් දිගුකාලීනව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවේදී කලීඩ් කියාරි එසේ පැවසීය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසිවාරයට සමගාමීව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අතර පැවති ද්විපාර්ශ්වික හමුවේ ප්‍රතිඵලයක් ලෙස කලීඩ් කියාරි මෙරටට පැමිණියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස