එළඹෙන ඔක්තෝබර් 05 වෙනිදා ජනාධිපතිවරණය පැවැත්වෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.
ඉන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනිවාර්යෙන් ම ජයගන්නා බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
ගෑස් පෝලීම්වල මැරී වැටෙනවා ද නොඑසේ නම් රටට මේ ආකාරයට ඉදිරියට යාමට අවස්ථාව ලබා දෙනවා ද යන්න ජනතාව බුද්ධිමත්ව තීරණය කරනු ඇතැයි ද ඇමැතිවරයා කීය.
අද (14) ගාල්ලේ දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීය.