ජනාධිපතිතුමා පහත් විදිහට මට බැන්නා…! මුරුත්තෙට්ටුවේ හිමියන්ටත් තර්ජනය කළා….!

April 16, 2021 at 1:15 pm | by emanisa.lk

අද (16) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දුරකතනයෙන් තමන් අමතා ඉතා පහත් ලෙස චෝදනා එල්ල කළ බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ පවසයි.

ජනාධිපති වරයෙකුට නොගැළපෙන මහා ද්වේශයකින් වෛරයකින් ආවේගශීලී ව පහත් ලෙස තමන්ට ඇමතු බව ද ඔහු එහි දී කියා සිටියේය.

එනිසා අකමැත්තෙන් වුවද ජනාධිපතිවරයා ආමන්ත්‍රණය කළ භාෂාවෙන් ම ප්‍රතිචාර දැක්වීමට තමාට සිදු වූ බවත් ඔහු තව දුරටත් එහිදී පැවසීය.

තමන් මේ සම්බන්ධයෙන් දැනටමත් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කළ බවත් රට වෙනුවෙන් ඕනෑම දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානම් බවත් ඔහු අවධාරණය කළේ ය. ඊයේ තමා සමඟ මාධ්‍ය හමුවට සහභාගී වූ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට ද ජනාධිපතිවරයා තර්ජනය කර ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

සිය නිවසේ අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *