ජනාධිපතිට චන්ඩිපාට් දැම්ම නොනා එළියට වරෙන්…! – සිරසත් එක්ක හිරුණිකාගේ ගේ ළඟ විරෝධතාවක්…

March 6, 2022 at 12:14 pm | by emanisa.lk

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ මාලබේ නිවස ඉදිරියේ පිරිසක් ඊයේ රාත්‍රියේ විරෝධතාවක නිරත වූහ.

“ජනාධිපතිතුමාට චන්ඩිකම් පෙන්නපු නෝනා එලියට වරෙන්” යැයි කියමින් එම පිරිස් විරෝධයේ යෙදුණහ. එම පිරිස නිවස ඉදිරියෙහි සිට හූ කියමින් විරෝධතාවක නිරත විය.

ජනාධිපතිවරයාගෙන් මිරිහානේ පිහිටි නිවස ඉදිරියේ සමගි ජන බලවේගයේ කාන්තාවන් පිරිසක් විරෝධතාවක නිරත වීමෙන් පසු මෙම විරෝධතාව පැවැත්විණි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නිවස ඉදිරිපිට පැවැති විරෝධතාව සෙසු කිසිදු මාධ්‍යයක් නොමැතිව සිරස විසින් පමණක් ආවරණය කිරීම ද විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *