රට කාබනික ගොවිතැන වෙත යා යුතුය යන ජනාධිපතිවරයාගේ මතයෙහි තමා ද සිටින බව ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උප සභාපති ශාන් විජයලාල් ද සිල්වා පවසයි.
එය එකවර ක්‍රියාත්මක කිරීම වරදක් බවත් එය කන්නයකින් දෙකකින් කළ නොහැකි බවත් ඔහු අවධාරණය කරයි.
මෙය ජනාධිපතිවරයාට ලබා දුන් වැරදි උපදෙස්වල ප්‍රතිඵල බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.
ශාන් විජයලාල් සඳහන් කරන්නේ, ගොවි ජනතාව මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයාගේ පඹයින් පිච්චුව ද මේ සඳහා වගකිව යුතු එක ම පුද්ගලයා ඔහු නොවන අතර වගකිව යුතු පුද්ගලයින් අතර එක පුද්ගලයකු ඔහු බව ය.