ජනාධිපතිගේ විරුදින කළේ සිංහල බෞද්ධයන් සතුටු කරන කතාවක්! – මාවෙයි සේනාධිරාජා

May 21, 2020 at 10:36 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රණවිරු සමරුවේ දී සිදුකළ කතාව මේ රටේ සිංහල බෞද්ධ ඡන්ද ඉලක්ක කරගෙන සිදුකළ බවට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා චෝදනා කරයි.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කර තමා සියලු දෙනාගේ ජනාධිපතිවරයා යැයි කී ජනාධිපතිවරයාගේ මෙම කතාව සිංහල බෞද්ධ නොවන ජනතාවටත් දෙමළ ජනතාවටත් විශාල පීඩනයක් බව ද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපතිවරයා සිය කතාවෙන් යුද්ධය සාධාරණීකරණය කළ ද තමන් අදත් ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටින්නේ යුද අපරාධ කළ අයට එරෙහිව කටයුතු කරන ලෙස යැයි ඔහු ඊයේ (20) යාපනේ දී ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *