අද ගොවියා සිය කහ පැහැ ගැන්වී කේඩෑරි ගැසුණු කුඹුර දෙස බලමින් සුසුම්ලමින් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.
කොතැන හෝ සරු කුඹුරක් ඇත්නම් එය කොහෙන් හෝ යූරියා ටිකක් හොයා ගෙන ගැසූ කුඹුරක් බව ද ඔහු අවධාරණය කළේ ය.
අනුර දිසානායක පෙන්වා දුන්නේ, තම පක්ෂයේ ප්‍රතිපත්තිය ද කාබනික ගොවිතැන වුව ද එය හදිසියේ කළ නොහැකි බවයි.
කාබනික ගොවිතැනට මාරු වීම සඳහා එම පද්ධතිය ම ක්‍රමානුකූලව වෙනස් කළ යුතු බවත් රසායනික පොහොර පමණක් මාරු කර කාබනික ගොවිතැන් කිරීමට කටයුතු කරන්නේ මෝඩයින් බවත් අනුර දිසානායක පෙන්වා දුන්නේ ය.
එම වැරදි තීන්දුව නිසා මේ වන විට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 13ක් පිට රටින් ගෙන ඒමට සිදුව ඇති බවත් එය රටේ වාර්ෂික සහල් පරිභෝජනයෙන් අඩක් බවත් ජවිපෙ නායකයා අනාවරණය කළේ ය.
අනුරාධපුර ජාතික ජන බලවේග හමුවට එකතු වෙමින් ඊයේ (13) ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.