ජනවාරි පෙබරවාරී සංචාරක ඉපයීම් ඩො. මිලියන 331යි…!

March 10, 2023 at 11:17 am | by emanisa.lk

2023 වසරේ පළමු මාස දෙක තුළ එක්සත් ජනපද ඩොලර් මිලියන 331.7ක සංචාරක ඉපැයීමක් ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙය 2022 වසරේ මුල් මාස දෙකේ සංචාරක ඉපැයීම් අගය වූ ඩොලර් මිලියන 321.1 හා සැසඳීමේ දී 3.3% ක වැඩිවීමකි.

2023 පෙබරවාරි මාසයේ සංචාරක ඉපැයීම් ඩොලර් මිලියන 169.9 ක් ලෙසින් වාර්තා වේ. 2022 වසරේ සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 1,136.3 ක් වේ. 2021 වසරේ මෙම ප්‍රමාණය වාර්තා වී තිබුණේ ඩොලර් මිලියන 506.9 ක් ලෙසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *