ජනමතයට අනුව 13 අහෝසි කරන්න දෙන්න එපා! – දෙමළ සන්ධානය ඇමරිකානු සහාය පතයි…

September 2, 2020 at 5:37 pm | by emanisa.lk

ඉඩම් සහ පොලිස් බලතල අඩංගු 13 සංශෝධනය අහෝසි කිරීම සඳහා ශ‍්‍රී ලංකා රජයට ඉඩ නොදෙන ලෙස ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් ඇමෙරිකානු තානාපතිනි ඇලෙයීනා ටෙප්ලිස්ගෙන් ඉල්ලා ඇත.

 ඇමෙරිකානු තානාපතිනිය උතුරේ මැතිවරණ ප‍්‍රතිඵල විමර්ශනය කිරීම සඳහා ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් හමුවී තිබේ.
 
 එහිදී සම්බන්ධන් මහතා තවදුරටත් දක්වා ඇත්තේ රජය 13 සංශෝධනය කිරීමට දරන උත්සාහය ගැන ජාත්‍යන්තර ප‍්‍රජාවගේ අවධානය යොමු කරන ලෙසයි.
 
 එසේම ද්‍රවිඩ ජනතාවගේ ප‍්‍රශ්නවලට මෙතෙක් දේශපාලන විසඳුම් ලැබී නැතැයිද හෙතෙම ඇමෙරිකානු තානාපතිනිය වෙත පැමිණිලි කර ඇත.
 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස