ජනපති පෞද්ගලික සිංගප්පූරු සංචාරයට වියදම අතින්! රජයේ මුදලින් සැප විඳින මැති ඇමතිලට පාඩමක්!

January 11, 2020 at 6:14 pm | by emanisa.lk

මෙම මස අගදී පෞද්ගලික වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව යන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම ගමන සඳහා දරන්නට වන සියලු වියදම් සිය පෞද්ගලික මුදලින් පියවීමට තීන්දු කර ඇත.

මේ සඳහා වන කිසිදු වියදමක් රජයෙන් නොගෙවිය යුතු යයි ජනාධිපතිවරයා නියම කර තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ගුවන් ටිකට්පත සහ අයෝමා රාජපක්ෂ ජනාධිපති ආර්යාවගේ වෙනුවෙන් ලබාගන්නා ගුවන් ටිකට්පතට පමණක් නොව ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් සඳහා වන ගුවන් ටිකට්පත්ද ඒ සියලුදෙනාගේ හෝටල් ගාස්තු හා රෝහල් ගාස්තු ඇතුළු සියලු වියදම් ජනාධිපතිවරයා සිය පෞද්ගලික මුදලින් පියවීමට කටයුතු යොදා තිබේ.

ජනතා වරමින් තේරී පත්වන මහජන නියෝජිතයන් තමන්ගේ පෞද්ගලික වියහියදම් තමන් විසින් දරා ගැනීමේ ප්‍රතිපත්තිය දිරිගැන්වීම පිණිස ජනාධිපතිවරයා මෙම තීන්දුව ගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස