ජනපති නිවසට ගිනි තැබීම…: සජිත්ගේ නංගි දරුවන් සමග රට හැර යයි…!

August 27, 2022 at 11:30 am | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහෝදරිය වන දුලාංජලී ජයකොඩි ඊයේ (26) උදේ දිවයිනෙන් පිටව ගොස් ඇතැයි වාර්තා වේ.

ඇය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 505 දරන ගුවන් යානයෙන් මෙසේ දිවයිනෙන් පිටව ගොස් ඇත්තේ සන්ජේ ජයකොඩි සහ අමායා ජයකොඩි යන දරු දෙදෙනාද සමඟය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පිහිටි සිය පෞද්ගලික නිවෙසට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දුලාංජලී ජයකොඩි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනුණේ පසුගිය 20 වෙනිදා සෙනසුරාදා දිනයේය.

කිසියම් ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් රනිල් වික්‍රමසිංහගේ කොල්ලුපිටියේ පිහිටි පෞද්ගලික නිවෙසට ඉකුත් ජුලි මස 9 වැනිදා ගිනි තබනු ලැබීමෙන් එහි වටිනා පොත්පත් ඇතුළු දේපළ රැසක් විනාශ විය.

එම නිවස ගිනි තබන අවස්ථාවේ තමා එහි සිටි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් දීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ දුලාංජලී ජයගොඩ ප්‍රකාශ කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *