ජනපති ඝාතන කුමන්ත්‍රණය පුස්සක්…! නාලක සිල්වා යළි පොලිස් සේවයට…!

March 30, 2023 at 4:16 pm | by emanisa.lk

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට නාලක ද සිල්වා මහතා කුමන්ත්‍රණය කළේ යැයි නාමල් කුමාර නමැති අය විසින් කළ ප්‍රකාශයක් මුල්කරගෙන ඔහු 2018 වසරේ සැත්තැම්බර් 19 වැනිදා අනිවාර්ය නිවාඩු යවන ලදි.

අනතුරුව එම වසරේම ඔක්තෝබර් 17 වැනිදා ඔහුගේ වැඩතහනම් කිරීමට පියවර ගෙන තිබිණි. ඒ වන විට නාලක සිල්වා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ හිටපු නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළේය.

එදා සිට මේ දක්වා නාලක ද සිල්වාට එරෙහිව එල්ල වූ කිසිදු චෝදනාවක් සනාථ කිරීමට හැකියාවක් ලැබී නොතිබුණු පසුබිමක ඔහු නැවත පොලිස් සේවයේ පිහිටුවීමට ඉකුත් සතියේ පියවර ගෙන තිබේ. වසර 05කට පසු නැවත සේවයේ පිහිටු වූ නාලක ද සිල්වාට අහිමි වූ උසස් වීම් පවා ඉදිරියේ දී ලැබීමට නියමිතව ඇති බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *