ජනාධිපති ඝාතනයට සැරසෙන ස්නයිපර්කරුවාට කිසිදු කරදරයක් නොවේවායි ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ සභාපති තැන්නේ ඤාණානන්ද හිමි පවසයි.
එසේ ම එම ස්නයිපර්කරුගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා එහිමි ප්‍රාර්ථනා කරයි.
සමාජමාධ්‍ය ඔස්සේ පළ වූ පුවතකට ප්‍රතිචාර දක්වමින් ඤාණානන්ද හිමි මෙලෙස පවසා තිබේ.
කාරිමඩිත්තේ ඤාණාරාම හිමි ඊට ප්‍රතිචාරයක් ලෙස එසේ ම වේවායි ප්‍රාර්ථනා කර තිබේ.
මෙම භික්ෂූන් දෙනම ජනතා විමුක්ති පෙරමුණට සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ බව මාධ්‍ය වාර්තා කරයි.
