ජනපති කී ලෙස ම වරද නිවැරදි වෙයි! CID ලොක්කා වහා ම මාරු කරයි!

October 4, 2020 at 4:44 pm | by emanisa.lk

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානී නුවන් වෙදසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර උතුරු වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ධුරයට මාරු කර යවා තිබේ.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නියෝජ්‍ය ප්‍රධානී ධුරයට එස්.පී. රණසිංහ පත්කර තිබේ.

මාස 05කට පමණ පෙර අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රිෆ්කාන් බදියුදීන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සාක්ෂි නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නිදහස් කිරීමත් සමග මෙම මාරුව සිදුවීම ද විශේෂත්වයකි.

රිෆ්කාන් ත්‍රස්තවාදීන් සමග සබඳතා පැවැත් වූ බවට සනාථ කළ හැකි සාධක ඇතැයි පවසමින් අත්අඩංගුවට ගත් රිෆ්කාන් අනතුරුව සාක්ෂි නැතැයි නිදහස් වීම සමාජයේ දැඩි ආන්දෝලනයට ලක්ව තිබේ. එය මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමාගේ ද දෝෂ දර්ශනයට ලක්විය.

මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ නිවැරදි ලෙස සිදුවන බවත් යහපාලන යුගයේ මෙන් දේශපාලකයන්ට උවමනා ලෙස පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හෝ නිදහස් කිරීමට තමා ඉඩ නොතබන බවත් සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිවේදනයක් නිකුත් කළේය. අදාළ පරීක්ෂණ පිළිබඳ යම් නිලධාරියෙකු අතින් අඩුපාඩුවක් සිදුව ඇත්නම් එය නිවැරදි කරන බව ද හෙතෙම එමගින් අවධාරණය කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස