කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දී තිබුණ ද පවතින නීතිය වෙනස් නොකර එම මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නැතැයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කරයි.
නීතිය වෙනස් නොකර එම මැතිවරණය පැවැත්වීම සිදු කළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද දැනුම් දී ඇති බවත් ඔහු පැවසීය.
ඒ අනුව නීතිය සකස්කර ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසු මැතිවරණය තැබීමට හැකියාව ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය දන්නවා ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේ ය.
පළාත් සභා මැතිවරණය ගැන මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී ඔහු මෙසේ පැවසී ය.