සිය වාහනයේ වෛද්‍ය ලාංඡනයක් අලවා ගෙන ව්‍යාජ ලෙස වෛද්‍යවරයෙකු සේ පෙනී සිටි පුද්ගලයකු නාරාහේන්පිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අද (25) උදෑසන පොලිස් නිලධාරිනියකට තමා වෛද්‍යවරයෙකු බව පවසා බැණ වැදී පොලිසිය ඉදිරිපිට මාර්ග බාධකය පසුකර යාමට උත්සාහ කිරීමේ දී ය.
මෙම පුද්ගලයා ඉයම් ෂෙයිඩ් තදීෂ් නමැති වයස අවුරුදු 45 අයෙකි. ඔහු පැමිණ ඇත්තේ wp KE 9213 අංකය සහිත කාරයෙනි. ඔහු සිය ඥාතියෙකුගේ වෛද්‍ය ලංඡනයක් මෙලෙස අවභාවිත කර තිබේ.
ඊයේ (24) ජනාධිපතිවරයා සඳහන් කළේ සංචරණ සීමා පැනවුව ද මාර්ගයේ බොහෝ වාහන ඇති බවත් වෛද්‍ය ලාංඡන ගසා ගෙන බොහෝ දෙනා මාර්ගයේ නිදහසේ ගමන් කරන බවත් ය.