ජනපති අණින් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නවතා දැමේ….! ජෛව විවිධත්වය සුරකින නව වැඩපිළිවෙළක් ඉදිරියට….!

February 15, 2021 at 7:45 am | by emanisa.lk

අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවන අදියරෙහි වැඩ මධ්‍යම පරිසර අධිකාරිය මගින් අත්හිටුවා ඇත. අධිවේගී මාර්ගය ඉදිකිරීමෙන් සිදු වන පාරිසරික හානිය පිළිබඳව අවධානය යොමුකිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය සහ අනෙකුත් පාර්ශ්වකාර ආයතනවල නියෝජිතයන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

එම සාකච්ඡාවේ දී ගත් තීරණයකට අනුව ප්‍රදේශයේ පොහොසත් ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා පිළිගත හැකි යෝජනාවක් ඉදිරිපත් කිරීමට පරිසර අමාත්‍යාංශයේ ලේකම් අචාර්ය අනිල් ජාසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක්ද පත්කර තිබේ. අධිවේගී මාර්ගයේ ඕනෑම ඉදිකිරීමක් ආරම්භ කළ හැක්කෙ පරිසරයට හානියක් නොවන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමෙන් පසුව බව ජනාධිපතිවරයා මෙහි දී පවසා ඇත.

පිවිසුම් මාර්ග අවම කිරීම, ඉඩම් ගොඩකිරීම සහ කුඹුරු පවරා ගැනීම, අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා යොදා ගත හැකි අන්තර්ජාතිකව පිළිගත් තාක්ෂණය යන කරුණු පත්කෙරුණු කමිටුවෙන් අධ්‍යයනය කෙරෙනු ඇත. එසේම අධිවේගී මාර්ගය ධාවනය වන ප්‍රදේශයේ ශබ්ද දූෂණය අවම කිරීම, සතුන්ට හා වෘක්ෂලතාවන්ට හානි නොවන බවට සහතික විය යුතු බවත් ජනාධිපතිවරයා මෙහි දී වැඩිදුරටත් පවසා ඇත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *