ජනපතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධීකරණයෙන් අතුරු තහනමක්…!

April 30, 2024 at 4:49 pm | by emanisa.lk

අගවිනිසුරු තනතුර හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සඳහා නම් නිර්දේශ කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

වත්මන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාව තීරණය කර තිබිණි.

ඊට එරෙහිව නීතිඥවරයෙකු විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *