ජනතා සේවයට මම ආණ්ඩුවට යනවා! – විපක්ෂ මන්ත්‍රී පිම්මකට සැරසෙයි…

September 20, 2020 at 6:29 am | by emanisa.lk

ඉදිරියේදී තමන්ට ආණ්ඩුවට එක් වීම වැනි ප්‍රබල දේශපාලන තීන්දුවක් ගැනීමට සිදු වුන බව විපක්ෂය නියෝජනය කරනු සුළු ජාතික පක්ෂ මන්ත්‍රිවරයෙකු සඳහන් කර තිබේ.

දින කිහිපයකට පෙර ඔහුගේ ආධාරකරුවන් පිරිසක් වෙත මෙම දැනුම්දීම කර ඇති අතර ඒ බව ඔහුගේ පක්‍ෂ නායකත්වයට ද දැනගන්නට ලැබී ඇත.

විපක්ෂයේ නිසි නායකත්වයක් හෝ මෙහෙයවීමක් දක්නට නැති වීම නිසා තමන් මෙම තීන්දුව ගන්නා බවද ඔහු පෙන්වා දී තිබේ.

වසර පහක් තරම් කාලයක් ආණ්ඩු බලය නොමැතිව තම ජනතාවගේ ගැටලු විසඳාලිය නොහැකි බවත් තම ප්‍රදේශය සංවර්ධනය කරන්න නොහැකි බවත් ඔහු එම හිතවතුන් පිරිස සමග සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස