ජනතාව මහ පාරට ගේන්නේ නැත්තේ අපි ඇත්තට ම රටට ආදරේ නිසයි…! – මරික්කාර්…

December 10, 2022 at 12:20 pm | by emanisa.lk

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුවට ඉඩ නොතබන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

මේ අවස්ථාවේ ජනතාව පාර බැස්වීමට කටයුතු නොකරන්නේ බොරු දේශප්‍රේමීන් මෙන් නොව තමන් රටට සැබවිමන් ම ආදරේ නිසා බවයි, මරික්කාර් අවධාරණය කළේ.

රට අකර්මන්‍ය කොට අඩාල කිරීමට තමන් අකමැති බව ද මන්ත්‍රීවරයා පැවසීය.

තමන් සාපෙළ කරන විට ද තම දුව සාපෙළ කරන විට ද එජාප නායකයා රනිල් බවත් රට ගොඩනැඟිය හැක්කේ සජිත්ට බවත් කියමින් එජාපය දෙකඩ කළේ හරීන් ප්‍රනාන්දු බවට ද ඔහු චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *