මේ රටේ ජනතාව ආර්ථික අපහහසුතා නිසා පීඩා විඳින අතර දූෂණයෙන් ශ්‍රී ලංකාව මුල්තැන ගෙන සිටිනවා යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පවසයි.
කටාන හල්පේ ශාන්ත ප්‍රැන්සිස් සේවියර් දෙව්මැදුරේ පැවැති නත්තල් දේව මෙහෙයට එකතු වෙමින් එතුමා මේ බව ප්‍රකාශ කළේය.
කුසගින්නේ සිටින පවුල් ගණන අද ඉහළ ගොස් ඇතැයි කී කාදිනල්තුමා දරුවන්ගේ පොතපත මෙන් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමේදී අද මව්පියන් අසරණ වී ඇතැයි ද පැවසීය.
ආර්ථික බවෙන් පීඩා විඳින ජනතාවට බදු බරෙන් ද අසරණවී සිටින බව කාදිනල්තුමා වැඩිදුරටත් පැවසීය.