තෙල් වෙනුවෙන් ජනතාව එක්ක මහ පාරේ මැරෙන්න ලෑස්තියි..! – රතන හිමි…

July 2, 2022 at 7:29 am | by emanisa.lk

තෙල්  අර්බුදය තනිකරම ඉල්ලගෙන කෑමක් බව අපේ ජන බල පක්ෂයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

ජාතික සභාවක් කඩිනම්න් පත්කර රටේ ප්‍රශ්න සඳහා පුළුල් එකඟතාවක් ඇතිකර ගැනීමට  පාලකයන්  මැදිහත්විය යුතු බව සඳහන් කළ උන්වහන්සේ  එසේ  කටයුතු නොකළහොත්  ජනතාව සමග  මැරෙන්න හෝ  පාරට බැසීමට සිදුවන බව ද  සඳහන් කළහ.

රතන හිමියන් මෙසේ පැවසුවේ රාජගිරිය සඳහම් සෙවණ ආයතනයේ දී අද (1) උදේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

තෙල් ප්‍රශ්නය ඉදිරි සතියේ දී  විසඳෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවද මෙතෙක්  කිසිදු ප්‍රකාශයක් කර නොමැති බවත් උන්වහන්සේ පැවසූහ.

ආණ්ඩුව මේ අර්බුදය කල් තියා  දැනගෙන මාස තුනකට වැඩි යැයි පැවසූ රතන හිමියෝ එසේ දැනගෙන සිටියදී  මාස තුනකට සැලසුම  නොහැදුවේ ඇයි දැයි ප්‍රහේලිකාවක් බවත් ප්‍රකාශ කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස