ජනතාවට පුංචි සහනයක්…! අද සිට සහල් රු. 197ට…!

June 13, 2022 at 2:57 pm | by emanisa.lk

මෙරට ජනතාවට සහන මිලට සහල් සැපයීම සඳහා වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 43,000 ක් සහල් කර වෙළෙඳපොළට මුදා හැරීමේ කටයුතු ඊයේ (12) ආරම්භ කළ බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් පවසයි.

පාරිභෝගික ජනතාවට සමුපකාර සමිති, සතොස වෙළෙඳසල් සහ සුපිරි වෙළෙඳසල් හරහා අද (13) සිට අඩු මිලට සහල් මිල දී ගැනීමට හැකි බවයි, සභාපතිවරයා අනාවරණය කළේ.

මෙරට වී අලෙවි මණ්ඩලය පසුගිය කන්නයේ දී මිල දී ගත් වී මෙට්‍රික් ටොන් 43,000 ක් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට ලබා දී සහල් බවට පත්කර සමුපකාර සමිති, සතොස සහ සුපිරි වෙළෙඳසල්වලට නිකුත් කරන බව ඔහු සඳහන් කළේය.

එම වෙළඳ ආයතන ජාල ඔස්සේ සුදු සහ රතු කැකුළු කිලෝවක් රුපියල් 197 කටද, නාඩු සහල් කිලෝවක් රුපියල් 199 බැගින්ද, සම්බා කිලෝවක් රුපියල් 205 බැගින්ද, කීරි සම්බා කිලෝවක් රුපියල් 215 බැගින්ද පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට කටයුතු යොදා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *