ජනතාවට නායකත්වය දෙන්න පුළුවන් මාලිමාවට විතරයි…! සහයෝගය දෙන්න අපි සූදානම්…! – වාසු..

October 3, 2023 at 2:39 pm | by emanisa.lk

මේ වන විට ආණ්ඩු විරෝධී බලවේග රැස්වන්නේ මාලිමාව (ජාතික ජන බලවේගය) වටා බව සියලු දෙනා පිළිගත යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි.

එහෙයින් එම ආණ්ඩු විරෝධී බලවේගයට නායකත්වය දීමේ වගකීම ඇත්තේ මාලිමාව බව ද හෙතෙම සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව ක්‍රියාත්මක කරන ජනතා විරෝධී වැඩපිළිවෙළට එරෙහිව ඔවුන් නායකත්වය ලබා දිය යුතු බව ද වාසුදේව නානායක්කාර ප්‍රකාශ කරයි.

එවැනි විරෝධතාවක් සඳහා සහයෝගය ලබා දීමට තමන් සූදානම් බවයි, මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *