මැතිවරණයක් එනතුරු වසර තුනක් ජනතාවට බලා සිටිය නොහැකි නිසා සාමකාමී ප්රජාතන්ත්රවාදී උද්ඝෝෂණයකින් මැතිවරණයක් ලබගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
අද (18) වාද්දුවේදී හෙතෙම මේ බව පැවසීය.
“දැන් මේ රටේ තියෙන තත්ත්වය වසර තුනක් තියා මාස තුනක්වත් දරාගෙන ඉන්න ජනතාවට බෑ. ඒ නිසා කරන්න ඕන මේ හොර නඩය එලවලා අපි ආණ්ඩුවක් හදන්න ඕනෑ. හදන්න ඕන කම තිබ්බට අපිට ඡන්දයක් ඕනෑ. ඒත් වසර තුනකට පොතේ ඡන්දයක් නෑ.
පොතට අනුව ව්‍යවස්ථාවට අනුව ඡන්දයක් එන්නේ තව අවුරුදු තුනකින්. එපමණ කාලයක් ජනතාවට මේ දුක දරාගෙන අර්බුදය මැද්දේ ඉවසන් ඉන්න බෑ.
ඒ නිසා මේ පාර්ලිමේන්තුවට බැහැලා පලයල්ලා කියලා එලවන්න ඕන. අවුරුදු පහකට ආපු ගෝඨාභය එලෙව්වා නම්, මහින්ද රාජපක්ෂ එලෙව්ව නම් අපිට ඒක කරන්න බැරි නැහැ.”