ජනතාවගේ හැසිරීම වගකීම් විරහිතයි…! රෝග ව්‍යාප්තියේ 70% වර්ධනයක්…! කොව්ඩ් පාලනය ගිලිහෙයි…! – PHI සංගමය…

May 4, 2021 at 6:50 pm | by emanisa.lk

මහ ජනතාව වගකීම් විරහිතව කටයුතු කිරීම හේතුවෙන් ඉදිරියේදී රටේ කොවිඩ් පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහී යෑමේ තත්ත්වයක් උද්ගත වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ නිසි පරිදි සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරමින් ජනතාව තව දුරටත් කටයුතු කිරීම හේතුවෙන් දෛනිකව ආසාදිතයින් වාර්තාවීම ඉහළ යමින් පවතින බවය.

මෙම තත්ත්වය තව දුරටත් පැවතියහොත් මෙරට රෝහල් පද්ධතිය තුළ පවතින ධාරිතාව ඉක්මවා යෑම සහ සම්පත් සීමා සහිත වීම හේතුවෙන් සෞඛ්‍ය පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහී යනු ඇති බව ඔහු සඳහන් කළේය.

පසුගිය 27 වන දා සිට මෙරට දෛනිකව ආසාදිතයින් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර එය සියයට 70 ක පමණ වර්ධනයක් බව උපුල් රෝහණ පෙන්වා දෙයි.

ඒ අනුව රට තුළ පවතින කොවිඩ් -19 අවදානම වළක්වා ගැනීම සඳහා නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සෞඛ්‍ය අංශ වෙත උපරිම සහයෝගය ලබාදෙන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ජනතාවට දැනුම් දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *