ජනක රත්නායක ධූරයෙන් පන්නයි..! ආණ්ඩුවේ ඒකමතික අනුමැතිය…!

January 29, 2023 at 12:41 pm | by emanisa.lk

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම තනතුරින් ඉවත්කිරීමට අදාළ චෝදනා පත්‍රය මේ වන විටත් සකස් කර අවසන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අද (29) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, එයට අදාළ නීතිමය කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බවය.

“මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාට එරෙහිව අවශ්‍ය නීතිමය කටයුතු හා ඔහුව ඉවත් කිරීම සඳහා වූ චෝදනා පත්‍රය මේ වන විට සකස් කර තියෙනවා. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු දෙනා මේ සඳහා එකඟත්වය පළ කර තියෙනවා.

මොකද තමන්ගේ තනි මතය, මම මින් ඉදිරියට කියන්නේ මහජන උපයෝගීතා කොමිසම නෙමෙයි ජනක රත්නායකගේ තනි මතයට තමා පහුගිය කාලය පුරා මේ කටයුතු කරලා තියෙන්නේ. ජනක රත්නායක කියන පුද්ගලයා මුළු රටක් බිත්තියට හේත්තු කරමින් කටයුතු කළා.

මේ විදුලි කප්පාදුවටත් වගකිව යුත්තේ වෙන කවුරුත් නෙමෙයි මහජන උපයෝගීතා කොමිසමේ ඉන්න අනෙකුත් නිලධාරීනුත් නොමඟ යවමින් ඔවුන්ගේ අනුමැතියෙන් තොරව වැඩකටයුතු කළ එම පුද්ගලයායි. මේ රටේ සමස්ත ජනතාව අසීරුතාවට පත්කරමින් ඔහු වැඩ කරලා තියෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ අවශ්‍ය ප්‍රතිපාදන තියෙනවා මේ වෙනුවෙන් කටයුතු ආකාරය පිළිබඳ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *